මැලේසියාවේ ආරක්ෂාවට ලංකාවේ සහාය පතයි

මැලේසියාවේ ආරක්ෂක කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් ලබා ගැනීම කෙරෙහි එරට රජයේ අවධානය යොමුවී ඇත.
මේවන විට මැලේසියාවේ ආරක්ෂක කටයුතු සඳහා නේපාලයෙන් පමණක් ආරක්ෂක භටයින් ලබා ගන්නා අතර ,එම ආරක්ෂක භටයින්ගේ සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවීම නිසා  ශ්‍රී ලංකාවෙන්ද ආරක්ෂක අංශ සාමාජිකයින් ලබා ගැනීමට තීරණය කළ බව එරට ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඩටූක් නූර් ජස්ලාන් මොහොමඞ් මහතා 
ශ්‍රී ලංකාව වැනි ආරක්ෂක පසුබිමක් සහිත රටකින් ආරක්ෂක භටයින් ලබා ගැනීම මැලේසියාවට වඩාත් සුදුසු බව එරට ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මැලේසියා රජයේ මෙම තීරණයට එරට විපක්ෂය නියේජනය කරන මැලේසියානු ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය දැඩි විරුද්ධත්වය පළ කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment