ඌවේ ගොවීන් විරෝධතාවයක

ඌවේ ගොවීන් විරෝධතාවයක
පෙර පැවති ක්‍රමයටම පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා වැලිමඩ සහ ඌවපරණගම ප්‍රදේශයේ එළවළු සහ අර්තාපල් ගොවීන් අද (07) වැලිමඩ නගරයේ දී විරෝධතාවයක නිරත වී තිබේ.
සමස්ත ලංකා ගොවිජන සංවිධාවය විසින් එය සංවිධාන කළ අතර පැය 02 කට ආසන්න කාලයක් එම විරෝධතාවය පවත්වා ඇත.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා, ඌව පළාත් සහා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ද ඒ සඳහා සහභාගී වී තිබේ.
වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment