මහින්දගේ රතුපස්වල රැස්වීමට ජනතාවගෙන් දැඩි විරෝධයක්

රතුපස්වල ගම්වාසීහු අද (07) එම ප්‍රදේශයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට විරෝධය දක්වමින් විරෝධතාවයක් ඇරඹූහ.

‘එදා රතුපස්වල ජල ගැටලුවේදී රතුපස්වල ජනතාව එපා වූ මහින්ද අද ගමට එයි අපට එපා‘ යැයි රාජපක්ෂ රජයට විරෝධය පළ කරමින් පුවරු ඔසවාගෙන වීදි බැස සිටින ජනතාව මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණීම පිළිබඳ විරෝධය පළ කරති.

රතුපස්වල වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තැබුවේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ බවත් යුද හමුදාව බාරව සිටියේද රාජපක්ෂ මහතා බවත් ජනතාව පවසති. විරෝධතාව පැවැත්වෙන අතරතුර එහි පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනකු පිළිබඳ ඇතිවූ සැකයක් හේතුවෙන් රතුපස්වල වැසියෝ ඔවුන්ට ද සිය විරෝධය පළ කළහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment