බිරිඳගේ ඥාතීන් කුල හීන තරුණ සැමියා මහ මග මරා දමයි - VIDEO

මීට මාස අටකට පමණ පෙර විවාහ වූ යුවළකට මහ මග අති විශාල පිරිසක් බලා සිටියදී පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ ප්‍ර‍චාරය වනවා. එම පහරදීමෙන් තරුණ සැමියා මියගොස් ඇති අතර තුවාල ලැබූ බිරිඳ මේ වනවිට රෝහල් ගතකර තිබෙනවා.

මෙම තරුණිය ඉන්දියාවේ හින්දු කුල සම්මතයට අනුව ඉහළ යැයි සම්මත කුලයකට අයත්ය. ඇය විවාහ වී ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ විසි දෙහැවිරිදි ඉංජිනේරුවකු සමගය. ඔහු පීඩිත දලිත් කුල ප්‍රජාවට අයත් අයෙකි.

ඉගෙනුම ලබන අතරවාරයේ පෙම් සබඳතාවක් ඇතිකරගෙන ඇති ඔවුන් දෙදෙනා මීට මාස අටකට ඉහතදී විවාහ වී ඇත්තේ තරුණියගේ පවුලේ දැඩි විරෝධය හමුවේය. ඇයගේ පියා පොලිසියට භාර වී ඇති අතර ඇයගේ මාමා කෙනෙකු සහ පහර දීම සිදු කොට යතුරු පැදියකින් පළා ගිය තවත් තිදෙනකු සොයා මෙහෙයුම් සිදු කරන බව ප්‍රාන්ත පොලිසිය පවසනවා.

උඩුමලෙයිපේටෙයි නගරයේදී විශාල පිරිසක් බලා සිටියදී මහමඟ ඇද ගෙන යමින් විවාහක යුවළට පහර දෙන ආකාරය දැක්වෙන CCTV වීඩියෝ දර්ශන මේවනවිට අන්තර්ජාලය තුළ වේගයෙන් ප්‍ර‍චාරය වනවා.
(under the courtesy of nethfm news web)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment