අද සිට බදු සතියක්


දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින්  අද(14) සිට ලබන 18 වනදා දක්වා බදු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන් ව්‍යාපාරික ස්ථානයන් වෙත ගොස් ඔවුන්ගෙන් තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙළක් මෙම සතිය තුළ ක්‍රියාත්මක කරන බව  එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එලෙස සිදු කරන සමික්ෂණ කටයුතු සඳහා නිවැරදි තොරතුරු ලබාදී ඊට සහයෝගය දක්වන ලෙස දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ඩි.ජී.පී.ඩබ්ලිව්. ගුණතිලක මහතා දැනුම් දී තිබේ.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment