උඩුකය නිරුවත් ඡායාරූපයේ ඇත්ත නැත්ත ශිරෝෂි රොමේෂිකා හෙළි කරයි



කවුරු හරි පිංතූරයක් එඩිට් කරලා..
අම්මලා, නංගිලා නැති අයයි මේ වගේ දේවල් කරන්නෙ...

කෙටි කාලයක් තුල රසිකයන්ගේ සිත් දිනා ගත් ශිරෝෂි රොමේෂිකාගේ උඩුකය නිරුවත් ඡායාරූපයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වුණා. ඒ සිද්ධියේ ඇත්ත නැත්ත ගැන ශිරෝෂි සතිඅන්ත පුවත්පතකට හෙළිකර තිබුණා.

ශිරෝෂි තෝරා බේරාගෙන වැඩ කරන නිසාද චිත්‍රපටවල වැඩිය පේන්න නැත්තෙ.?
තෝරලා බේරලා රඟපාන්නත් කවුරුත් මට ආරාධානා කරන්නෙ නෑනේ. ආරාධනාවක් ආවොත් විතරනෙ යන්න පුළුවන්.

ශිරෝෂිට ආරාධනා අඩුනේන හේතුව මොකක්ද..?
සමහර අයට මාව නිර්මාණවලට ගන්න ඕන වුණත් බයක් තියෙනවා.

වැඩිපුර වැඩ නොකරන එක රසිකයන්ට කරන අසාධාරණයක් නේද..?
මටත් එහෙම හිතෙනවා. ඒත් ඉදිරියේදී මම නිර්මාණවලටත් සම්බන්ධ වේවි.

මේ දවස්වල ශිරෝෂිගේ උඩුකය නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා නේද..?
මට හරි දුකයි.. රංගන ශිල්පිනියන් ගැන අපේ මිනිස්සු හිතන විදිහ හරි අමුතුයි. දැන් ඉන්නෙ ගොඩක් මානසික ලෙඩ්ඩුනේ. මම ඔය විදිහෙ ගෑනියෙක් නෙමෙයි.

එතකොට ඒ පිංතූරේ ඉන්නෙ ශිරෝෂි නෙමෙයිද..?
කවුරු හරි පිංතූරයක් එඩිට් කරලා. අම්මලා, නංගිලා නැති අයයි මේ වගේ දේවල් කරන්නෙ.

මේ වගේ දෙයක් කරලා ශිරෝෂිගෙන් පළිගන්න ඕන කාටද..?
මම කාවවත් කපන්නෙත් නෑ. එහෙම තියෙද්දි මේවා කරන්නෙ කවුද මන්දා.

මේ ගැන සද්ද නොකර හිටියම හරිද..?
මේක කරපු අයට ස්වභාවධර්මය දඬුවම් දෙයි. මේ පිංතූරයේ නියම පිංතූරය එළියට දැම්මම ඇත්ත නැත්ත තේරෙයි.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment