ඉන්දියාව පැරදුණු පසු 'ක්‍රිකට් තරුවක්' සතුටින් නිදාගත් හැටි


බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙකු වන මුෂ්ෆිකර් රහීම් පන්දුවාර විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ඉන්දියාව ලද පරාජයෙන් සතුටට පත්වී තිබෙනවා.

තරගය අවසන් වනවාත් සමගම සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප‍්‍රකාශ කර තිබුණේ ඉන්දියාව අවසන් පූර්ව තරගයෙන් පරාජය වීම තමන් අතිශයින් සතුටට පත්වන බවයි.

දැන් තමාට වඩාත් හොඳින් නින්දට යා හැකි බවද රහීම් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

එහෙත් එවැනි අමිහිරි ප‍්‍රකාශයක් සිදු කිරීම පිළිබඳ සමාව ඇයැද සිටින බවත් තමන් කොදෙව් කණ්ඩායමට දැඩි ලෙස සහය දක්වන්නෙකු බවත් මුෂ්ෆිකර් රහීම් පසුව ප‍්‍රකාශ කළා.

තරගාවලියේ පළමු වටයේදී බංග්ලාදේශය ඉන්දියාව හමුවේ එක් ලකුණකින් පරාජයට පත්වීමද ඉකුත් දින කිහිපයේ දැඩි ලෙස කථාබහට ලක්වූ සිද්ධියක් වුණා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment