හැටන් පාරේ තනි ඉරකපන් ආව ලොරිය මූණටම හැප්පුණු හැටි කැමරාවේම සටහන් වෙයි - වීඩියෝ



හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී වාහන තුනක් ගැටීමෙන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් ඇතුලත් කර ඇත්තේ කොටගල රෝහලටයි. අද පෙරවරු 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වුණේ.

කොටගල සිට හැටන් දක්වා ධාවනය වූ ලොරි රථයක් මෝටර් රථයක සහ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.


පෞද්ගලික බස් රථය කොටගල සිට හැටන් දක්වා ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවකයන් රැගෙන යන එකක් බව සඳහන්. තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරා / එහි ගමන් කල තරුණියන් 4 දෙනෙකු සහ ලොරියේ රියදුරා ද වනවා.

මෙම අනතුර සිදුවන ආකාරය අනතුරට ලක්වු මෝටර් රථයේ තිබු කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. එම වීඩියෝව පහතින්....


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment