Facebook පෙම්වතා නිසා දිවිනසා ගත්බව කී දෙව්මිගේ ගල් පැලෙන කෙප්පේ


පෙරේදා දිනයේ දී ලංකාවේ වගකිව යුතු ඉහළ පෙළේ ඇතැම් වෙබ් අඩවි හා ෆෙස්බුක් පිටු ඔස්සේ දැඩි කථාබහක් ඇති කරවූ පුවත් වාර්තාවක් වූයේ ~~දෙව්මි සේයා~~ නමැති තරුණියක ෆෙස්බුක් හරහා හඳුනා ගත් පෙම්වතෙකු නිසා ෆෙස් බුක් සටහන් කිහිපයක් බුකියට එක්කර තබා මියගිය පුවතයි.

නමුත් මේ වනවිට වාර්තා වන්නේ එම පුවත කිසියම් අයෙකුගේ පුද්ගලික උවමනාවකට ගොතා ප්‍රචාරය කරන ලද්දක් බව හා එහි සඳහන් ආකාරයේ මරණයක් සිදුව නැති බවයි. මෙම තරුණිය කොහේ කෙනෙක්ද? මේ මරණය සිදුවුනේ කොහේදීද? ආදී කිසිම විස්තරයක් එම පුවතේ අඩංගු නොවූ අතර එහි සටහන් වූයේ ඡායාරූප සාක්ෂි කිහිපයක් පමණි.

එම ඡායාරූපවල තරුණිය මියගොස් මිනී පෙට්ටියක වැතිර සිටින ආකාරය සහ මළ ගෙදරක ඡායාරූප දක්වා තිබුණි.


නමුත් මේ වනවිට වාර්තාවන්නේ එම මළ සිරුරේ ඡායාරූප ඒ සඳහන් කළ තරුණියගේමද යන්න සැකසහිත බවයි. ඇතැම් අය පවසන්නේ මෙම ඡායාරූප ඇය විසින් කරන ලද රගපෑමක ඡායාරූප බවයි. එසේම ඒ සමග පළව තිබුණ මළ ගෙදර ඡායාරූප මින් ඉහත මියගිය සේයා සඬෙව්මි දැරියගේ කොටදෙණියාව මළගෙදර දී ලබාගත් ඡායාරූප බවද හඳුනාගන්නට ලැබේ. 

තරුණියගේ නම දෙව්මි පෙරේරා හා දෙව්මි රත්නායක සහ දෙව්මි සේයා ආදී විවිධ ලෙස සටහන්ව තිබුණ අතර මේ ආකාරයට පෙම්වතියක මියයන්නට හදනවා යන්න සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකට කළ ඇය, පෙම්වතාත් සමග පවතින පෙම්පළහිලව්ව බේරුමක් කරගන්නට යෙදු බාල උපායක් ලෙස මේ සිද්ධිය හඳුනාගන්නට ලැබේ.

මියගියා යයි කියන දෙව්මි පෙරේරාගේ ෆෙස් බුක් ගිණුම සිකුරාදා සවස යළි පණගැන්වී ඇති අතර එහි ඡායාරූප සංස්කරණයටද ලක්ව ඇත.

එහි සටහනක් තබා ඇති ව්‍යාජ නමකින් පෙනී සිටින කෙනෙකු දක්වා ඇත්තේ, මේ වනවිට පොලිසිය එම ගිණුම ගැන පරීක්ෂණයක් කරන බැවින් ගිණුම යළි සක්‍රීයව ඇති බවයි. නමුත් එවන් පරීක්ෂණයක් පොලිසිය මගින් සිදු කරන්නේ නැති බව අපට දැනගන්නට ලැබුණි.

අද කාලයේ සමාජ මාධ්‍ය මගින් ලබාගන්නා ප්‍රසිද්ධිය ඔස්සේ පුද්ගලික ගැටලූ නිරාකරණය කරගන්නට ඇතැමුන්ට ඕනෑම කෙනෙක් මරාද මන්නට වුව හැකි බව මෙම සිද්ධිය තුළින් තහවුරුවෙයි.

එමෙන්ම ඊයේ දිනයේ සිට අදාළ තරුණිය මියගිය පුවත සැල වීමත් සමඟින් සො සුසුම් හෙළමින් ඇගේ පෙම්වතාට දෙස්දෙවොල් තැබූ ෆෙස්බුකියේ සැරිසරණ ඇඩ්මින්වරු මෙන්ම, සෙසු පිරිසද ඇය කළ අපූරූ රංගනය මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතන උපහාසයට ලක්කර තිබුණු අයුරු සහ තවත් ඡායාරූප රැසක් පහතින්.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment