ෆුල්ෆේස් හෙල්මට් අතුරු තහනම් නියෝගය යළි දීර්ඝ කරයි

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 04 වැනි දා දක්වා යලි දීර්ඝ කර තිබේ.

ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ ප්‍රීති පද්මන් සූරසේන මහතා යන ද්වී පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මීට අදාලව ගොනු කර තිබූ පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේ දී ය. 

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය 2015 වසරේ අප්‍රේල් මස 02 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබේ. එහෙත් ඊට එරෙහි ව පුද්ගලයන් දෙදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවේ එම වසරේ මාර්තු මස 31 වැනි දා ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment