මේජර් ජෙනරාල් මානවඩු වැඩබිමක සිදුවූ හදිසි අනතුරකින් රෝහලේ 

මේජර් ජෙනරාල් මානවඩු වැඩබිමක සිදුවූ හදිසි අනතුරකින් රෝහලේ 

ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලැබු මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

නුගේගොඩ දෙල්කඳ හන්දියේ වැඩබිමක දී පරාලයක් හිසට වැදී ඔහු තුවාල ලැබූ බව එම ආරංචි සඳහන් කරයි.

ඔහුට හදිසි සැත්කමක් කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රි‍ගේඩයර් ජයනාත් ජයවීර මහතා කියා සිටියේ මේජර් ජෙනරාල්වරයාට අයත් දෙල්කඳ, පරණ කැස්බෑව මාර්ගයේ පිහිටි ඉඩමකදී අද උදෑසන 6.40ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම ඉඩමේ ඉදිකිරීමක් පරීක්ෂා කරමින් සිටියදී ඇදවැටුණු පරාලයක් නළලේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, තුවාල ලැබූ ඒ මහතා ඒ මොහොතේම යුද හමුදා රෝහලට ඇතුළත් කළ පසු කොළඹ ජාතික රෝහලට මාරු කර එවා ඇති බවත් ජයනාත් ජයවීර මහතා පැවසී ය.

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතා පසුගිය රජය යටතේ  මලයාසියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කර තිබේ.

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ පසු ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ ද මේජර් ජනරාල් සුමිත් මානවඩු විසිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment