මහින්දගේ හමුදා ආරක්ෂාව ගැන මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පෙර තිබූ පරිදිම ආරක්ෂාව ලබා දෙන්නැයි ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමියන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියකින් ඉල්ලීමක් කොට තිබේ.

උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ එලෙස කිරීමෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට ගෞරවයක් මිස හානියක් සිදු නොවන බවයි. ශ‍්‍රී ලංකාවේදී ත‍්‍රස්තවාදය පරාජය කෙරුණ ද ලෝකය පුරා වෙනත් රටවල ත‍්‍රස්තවාදීන් ධනවත්ව හා බලවත්ව සිටින බවට ඉඟි තිබෙන බව ද එහිදී මහානායක හිමියන් පෙන්වා දී තිබේ.

යුද්ධය අවසන් කළ පුද්ගලයා කවරෙකු වුවත් එය සිදුවූ කාලයේ රටේ සිටි ප‍්‍රධානියා ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රමුඛ ඉලක්කයක් විය හැකි බව පෙන්වාදෙන උන්වහන්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පෙර තිබූ පරිදිම ආරක්ෂාව ලබාදීම බහුතර මහජනතාවගේ කැමැත්ත බව ද සඳහන් කොට තිබිණි.

එම නිවේදනය පහතින්...


 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment