ලොව විශිෂ්ටතම ක්‍රීඩකයන් අතරට සංගා සහ සනත්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඩොට්කොම් ඔස්ට්‍රේලියා වෙබ් අඩවියෙන් මේ දිනවල ලොව විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සිදුකරන අතර, එහිදී අවසන් ක්‍රීඩක 16 දෙනා අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හා කුමාර් සංගක්කාර සමත්ව තිබේ.

කෙසේ වෙතත් ලොව විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයා තේරීමේ ඡන්ද සටනට ශ්‍රී ලංකාවෙන් අරවින්ද ද සිල්වා, ටී.එම්. ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, චමින්ද වාස් හා ලසිත් මාලිංග තෝරාගෙන තිබුණි. මෙම ක්‍රීඩකයන් 08 දෙනාගෙන් මේ වනවිට අවසන් ක්‍රීඩකයන් 16 දෙනා අතරට පිවිසීමට සමත්ව ඇත්තේ සනත් ජයසූරිය හා කුමාර් සංගක්කාර පමණි.

අවසන් 16 දෙනා අතරට පිවිස සිටින කුමාර් සංගක්කාර, ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි හා ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් පරාජයට පත්කරමින් ඡන්ද සටනින් පෙරට පැමිණ ඇති අතර, අවසන් 16 දෙනාගේ වටයේදී දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් හා තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ විශිෂ්ට වේග පන්දු යුගලක් වන චමින්ද වාස් හා ලසිත් මාලිංග අතර ඡන්ද සටනින් චමින්ද වාස් ජයග්‍රහණය කර තිබුණද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කර්ට්ලි ඇම්බ්‍රෝස් හමුවේ වාස් පරාජයට පත්ව තිබුණි. අවසන් 08 දෙනා අතරට පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩැඩ් පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක විව් රිචඩ්ස් තේරී පත්ව තිබේ. ලොව විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයා තේරීමේ අවසන් ක්‍රීඩක 16 දෙනා අතරින් බහුතරය පාකිස්තානු ක්‍රීඩකයන් වීම සුවිශේෂීය.

ලොව විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයා තේරීමේ අවසන් 16 දෙනා...

සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), මයිකල් බෙවන් (ඔස්ට්‍රේලියාව), විව් රිචඩ්ස් (බටහිර ඉන්දීය කොදෙව්), ජාවේඩ් මියැන්ඩාඩ් (පාකිස්තානය), විරාට් කෝලි (ඉන්දියාව), ඉන්සමාම් උල්-හක් (පාකිස්තානය), සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව), රිකී පොන්ටින් (ඔස්ට්‍රේලියාව), වසීම් අක්‍රම් (පාකිස්තානය), වකාර් යුනිස් (පාකිස්තානය), ඉම්රාන් ඛාන් (පාකිස්තානය), කර්ට්ලි ඇම්බ්‍රෝස් (බටහිර ඉන්දීය කොදෙව්), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ඒ.බී. ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව), ෂේන් වෝන් (ඔස්ට්‍රේලියාව), ෂහීඩ් අෆ්රිඩි (පාකිස්තානය)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment