ක්ෂණික බීමවලට අලුත් නීතියක්

ක්ෂණික බීමවලට අලුත් නීතියක්

ක්ෂණික බීමවල සීනි මට්ටම සඳහා වර්ණ සංකේතවත් කිරීමේ නියෝගය අගෝස්තු මස 01 වැනි දා සිට ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඒ අනුව ග්‍රෑම් 11ට වැඩි ඉහළ සීනි මට්ටම සහිත ක්ෂණික බීම වර්ග රතු පැහැති ලේබලයෙන් ද ග්‍රෑම් දෙකේ සිට ග්‍රැම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටම සහිත ක්ෂණික බීම වර්ග කහ පැහැති ලේබලයෙන් ද සංකේතවත් විය යුතු බව වාර්තා වේ.

ග්‍රෑම් දෙකට අඩු සීනි මට්ටම සහිත ක්ෂණික බීම වර්ග කොළ පැහැති ලේබලයෙන් සංකේතවත් විය යුතු ය.

ඒ පිළිබඳ ක්ෂණික බීම වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත හිමියන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් මීට පෙර සාකච්ඡා පවත්වා ඇති අතර බෝ නොවන රෝග අවම කිරීමේ අරමුණින් මෙම වර්ණ සංඛේතවත් කිරීමේ නියෝගය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment