පෙරහරට මියන්මාරයෙන් ඇලි ඇතුන් ගෙන්වයි

පෙරහරට මියන්මාරයෙන් ඇලි ඇතුන් ගෙන්වයි

පෙරහර සංස්කෘතිය ආරක්ෂා කරගැනීම සඳහා අලි - ඇතුන් මියන්මාරයෙන් ගෙන්වීමට තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

හීලෑ අලි ඇතුන් පිලිබඳව මතුව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ පෙරහැර සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

චිරාගතව පැවත එන පෙරහැර සංස්කෘතිය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙල ඔස්සේ මෙම ගැටලූවට විසදුම් සෙවීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

කෙටි කාලීන වැඩපිළිවෙලක් ලෙස අධිකරණ නියෝග මත දැනට වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටින හීලෑ අලි ඇතුන් වන ජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීම අදාළ නීතිමය තත්ත්වයන් යටතේ පෙරහැර සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව පිලිබඳ අවධානය යොමු කෙරුණු අතර අනුගමනය කළ හැකි දිගු කාලීන වැඩසටහන් රැසක් පිලිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

මීට අමතරව වෙනත් කර්මාන්තයන් සඳහා යොදවා ඇති හීලෑ අලි ඇතුන් පෙරහැර කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව ද අවධානයට ලක් විය.

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් එස්.පී.බී. මීගස්මුල්ල යන මහත්වරුන් ද ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල බස් නායක නිළමේවරුන් ද සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment