සියයට 15 වැට් බද්ධ නැවත එන ලකුණු


ඉදිරිපත්කිරීමේ දෝෂ නිසා අධිකරණ නියෝග මත දැනට සියයට 11 දක්වා පහත දමා තිබෙන වැට් බදු කෙටුම්පත සියයට 15 ක් දක්වා ඉහළ දමා සංශෝධනද සහිතව අද කැබිනට් අනුමැතිය ලබා තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.


අවස්ථා කිහිපයකදීම වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණ ද ඊට එල්ල වූ විරෝධතා හේතුවෙන් එය නැවත සකස් කිරීමට මුදල් අමාත්‍යාංශයට සිදු විය.
සියයට 15 දක්වා වැඩි කළත් තොග සහ සිල්ලර වෙළෙඳාමට වැට් බදු පැනවීමේ දී පැන නැගී තිබු ගැටලු වලට නව කෙටුම්පත මගින් විසඳුම් ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment