දේශපාලන සිරකරුවන් නිදහස්කරන්නැයි යාපනයේ විරෝධතාවක් (PHOTOS)

දේශපාලන සිරකරුවන් නිදහස්කරන්නැයි යාපනයේ විරෝධතාවක් (PHOTOS)

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (12) යාපනයේදී විරෝධතාවයක් හා අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් සංවිධානය කොට තිබුණි.

ජගත් සිරකරුවන්ගේ දිනය වෙනුවෙන් මන්නාරම් දිස්ත්‍රික් පුරවැසි කමිටුව හා යාපනය සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවය හා අත් පත්ත්‍රික බෙදා හැරීමේ ව්‍යාපාරය යාපනය බස්නැවතුම්පල ආසන්නයේ පැවැත්විණි.

විරෝධතාවයේ යෙදුණු පිරිස කියාසිටියේ, රජය දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දු වුවත් එය දැන් ඉටු නොවන තත්ත්වයකට පත්ව ඇති නිසාවෙන් දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියන් ඇතුලු ඥාතීන්ට මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට රජය කෙරෙහි ඇති විශ්වාසය බිඳී ගොස් ඇති බවයි.

විරෝධතා අවස්ථාවට සහභාගී වූ මන්නාරම දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ ලේකම් එස්. සහායගම් මහතා ප්‍රකාශ කළේ මෙම විරෝධතාවයට සහය දැක්වීමට දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් ද සහභාගි වූ බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන තුරු ඔවුන්ගේ අරගලය අත් නොහැර රජයට අඛණ්ඩව බලපෑම් සිදු කරන බවත්ය.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment