උප්පුවේලි ප්රදේශයේ පදංචිව සිටි වයස අවුරුදු 11ක් හා 09ක් වන ළමුන් දෙදෙනෙකු අතුරදන් වී ඇති බව පොලීසිය පවසයි.
මොවුන් දෙදෙනා ඊයේ (12) සවස පෞද්ගලික උපකාරක පංතියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස් යළි නිවසට නොපැමිණ තිබේ.
ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමාපියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
මේ වනවිට අදාළ ළමුන් දෙදෙනා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් 05 විමර්ශන සඳහා යොදවා තිබේ.
0 comments :
Post a Comment