එච්.අයි.වී. ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර

එච්.අයි.වී. ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර

මෙරට සියලුම එච්.අයි.වී. ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.

අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් එච්.අයි.වී ආසාදිතයින් 2436 දෙනෙකු වාර්තා වී ඇති බව ඔහු පවසයි.

එච්.අයි.වී. සහ ඒඩ්ස් මර්දන කටයුතු විධිමත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිකාර සායන මධ්‍යස්ථාන 30ක් ද ජංගම සායන 22ක් ද ස්ථාපිත කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ ලිංගික කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් වන බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment