සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සත්‍ය තත්වය සොයා බලා වාර්තාවක් ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද්වි පුද්ගල කමිටුවක් පත්කිරීමට යයි.
අගමැතිවරයා නවසිලන්ත සංචාරයට පිටත්වීමට පෙර මැති ඇමතිවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදී, ලේක්හවුස් ආයතනයේ අර්බුද සම්බන්ධයෙන් ද දීර්ග වශයෙන් සාකච්ජා කර ඇත.
'' දැන් ලේක්හවුස් එකේ ප්‍රශ්න ගැන මටවත් හරි තොරතුරු එවන්නේ නැහැ. අපි පත්කළ අය අපටත් සමහර කරුණු වසන් කරනවා. රාජපක්ෂ පාලන කාලයේ ඉහල තනතුරු දරපු, විශේෂ වරප්‍රසාද ලබපු කට්ටිය දැන් අපේ අයව යටකර ගෙන කියලා ආරංචියි.
ඒ නිසා මම ලේක්හවුස් එක ගැන වාර්තාවක් ගන්න මාධ්‍ය ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීනයින් දෙන්නෙක් පත්කරනවා..'' යයි අගමැතිවරයා එහිදී පවසා ඇත.
(සුජිත් මංගල ද සිල්වා)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment