මෙරට තුළ ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ශ්‍රීලනිපය කිසිසේත්ම ඉඩ නොදෙන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එලෙස රට බෙදීමේ කටයුත්තක් සඳහා ශ්‍රිලපිය කිසිසේත් ඡන්දය ප්‍රකාශ නොකරන බවයි.
එබැවින් පසුගියදා උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති 'එළුහ තමිල' විරෝධතාවයේදී ඔහු කළ ජාතිවාදී ප්‍රකාශයට අනවශ්‍ය ලෙස කලබල වියයුතු නැති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
විග්නේශ්වරන් මහ ඇමතිවරයාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙළාදකින බවත් එවන් ප්‍රකාශයන් දකුණේ ජාතිවාදීන්ට උඩගෙඩිදීමක් බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.
මේ වන විට ද්‍රවිඩ ඩයස්පෝරාව දෙකට බෙදී ඇති බවත් එක් පාර්ශවයක් ජාතීන් සහජීවනයෙන් යුතුව එකට සිටිය යුතු බවට මතයක සිටින විට අනෙක් පාර්ශවය ප්‍රභාකරන්ගේ මතය ඉදිරියට ගෙනයන බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.
විග්නේෂ්වරන් මහතා විසින් මෙවන් ප්‍රකාශ සිදුකිරීමට හේතුව එය බවද ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණවලදී මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුව ඇති බවත් ප්‍රධාන අමාත්‍යවරුන් මේ ආකාරයට බෙදුම්වාදයට උඩගෙඩිදෙන ප්‍රකාශ නිකුත් කරන්නේනම් එය විශාල ප්‍රශ්නයක් වනු ඇති බවත්ය.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment