බුදුමැදුුරේදී සිසුවියන්ට ලිංගික අතවර කළ විදුහල්පති දැලේ

බුදුමැදුුරේදී සිසුවියන්ට ලිංගික අතවර කළ විදුහල්පති දැලේ

16 හැවිරිදි ශිෂ්‍යාවන් 04දෙනෙකුට ලිංගික අතරවරකළේ යැයි සැකපිට 52 හැවිරිදි විදුහල්පතිවරයෙකු අද (30) ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ ඇල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් යහලවෙල විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ හා 11 වන ශ්‍රේණියේ ‍ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 04දෙනෙකි.

මොවුන් විද්‍යාලයේ බුදු මැදුරේදී හා ගුරු විවේකාගාරයේදී වෙන් වෙන් වශයෙන් ගෙන්වා අතවර කර ඇති අතර ඔවුන් විසින් මේ සිද්ධිය පිළිබඳව මව්පියන්ට හා ගුරුවරුන්ට පවසා තිබේ.

අනතුරුව ඔවුන් තම දෙමව්පියන් සමඟ පොලීසියට පැමිණ තමාට වූ හිංසනය පිළිබඳ පැමිණිලි කර ඇත.

ඇල්ල පොලිසිය ප්‍රකාශ කළේ සැකකාර විදුහල්පතිවරයා මින් පෙර බාල වයස්කාර ඥාති දියණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබු අයෙකු බවයි.

මේ වනවිට සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බණ්ඩාරවෙල පොලිස් අධිකාරීවරයාගේ ද උපදෙස් මත ඇල්ල පොලීසිය විසින් සිදුකරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment