රනිල් නවසීලන්තයට ළඟා වෙයි

රනිල් නවසීලන්තයට ළඟා වෙයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ආරාධනයකට අනුව නවසීලන්තයේ තෙදින නිල සංචාරයක නිතර වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූත පිරිස අද (30) පෙරවරුවේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නවසීලන්තයට ළඟා විය.

ඕක්ලන්ඩ් නගරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබූයේ නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නැතන් ගයි මහතා විසිනි. එම අවස්ථාවට නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්දකුමාර් මහතා ද එක්ව සිටියේය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු හා පැසිෆික් අංශ අධ්‍යක්ෂිකා සාවිත්‍රි පානබොක්කේ යන මහත්ම මහත්මීහුද මෙම දූත පිරිසට එක්ව සිටිති.

Pix-07

Pix-05

Pix-06

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment