ප්‍රභාකරන්ගේ භාණ්ඩ යුද හමුදා කෞතුකාගාරයට

ප්‍රභාකරන්ගේ භාණ්ඩ යුද හමුදා කෞතුකාගාරයට

එල්ටිටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හැඳුනුම්පත ඇතුළු භාණ්ඩ යුද හමුදා කෞතුකාගාරයේ තැන්පත් කිරීමට තීරණය කර තිබේ.

ප්‍රභාකරන්ගේ හැඳුණුම්පත තමා ලඟ ඇති බවත් එය හමුදා කෞතුකාගාරයේ තැන්පත් කිරීමට බාරදෙන බවත් පසුගියදා විශ්‍රාම ලැබූ මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර තිබිණි.

නන්දිකඩාල්හිදී එල්ටිටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළ යුද හමුදාවේ 53වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා වූයේ මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතායි.

මේ පිළිබඳ කළ විමසීමකදී වැඩබලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසූයේ අතීතය අධ්‍යනය කරන්නන්ගේ අවශ්‍යතා සඳහා මෙවැනි දේවල් කිසිවිටෙකත් විනාශ නොකරන බවයි.

යුද හමුදා කෞතුකාගාරය හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment