යහපාලන පණිවිඩයක් අරන් දයාසිරි,දුමින්ද හමුවෙයි

යහපාලන ආණ්ඩුවේ හදිසී පණිවිඩයක් රැගේන  මරණ දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා හමුවිමට ක්‍රීධා අමාත්‍ය දයාසිරි ජයසේකර බන්ධනාගාරයට ගොස් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.භාරත ලක්ෂමන් ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ දුමින්ද සිල්වා බ්‍රහස්පතින්දා (22) ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ඇපෑල ඉදිරිපත් කල අතර එදිනම රාත්‍රී මෙම හදිසි හමුව සිදුව තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල ඇපෑල සම්බන්ධයෙන් රජයේ විශේෂ පණිවිඩයක් දයාසිරි අමාත්‍යවරයා අතේ යවා ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.දුමින්ද ගලවා ගැනිමේ මෙහෙයුම පාර්ශ්ව දෙකකින් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර එක් පැත්තකින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප කණ්ඩායමත් මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමත් මෙහෙයුමක් දියත්කර තිබේන අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ හිරූ මාධ්‍ය ජාලය රටේ ජනතාව කෙරෙහි ඇතිකරන බලපෑම බවයි අප වාර්තාකරු සදහන් කළේ.ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේම අවධානය යොමු වි ඇති අතර එ සම්බන්ධයෙන් අවස්ථා ගණනවකදි සාකච්ඡාද සිදුව තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවන් හැටියට දුමින්ද සිල්වා ඇතුළු 05දෙනකුට මරණ දඬුවම නියම වී ඇතත් නඩුව විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටුවේ මතය තුනෙන් දෙකක් වීම හේතුවෙන් දුමින්ද සිල්වාට මෙම ඇපෑල ඉදිරිපත් කිරීමේ ඉඩකඩ සකස් වී තිබුණි.

දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ඇපිල් එකක් හරහා වෙනස් වන බවත් ලැබුනු තින්දුව සම්බන්ධයෙන් කලබලයට පත් නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට පවසා තිබේ.ඊයේ දුමින්දට ලැබුනු තින්දුවෙන් පසුව රෙනෝ සිල්වා අග්‍රාමාත්‍ය කාර්‍යාල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක සමග සිදුකල දුරකතන සංවාදයකින් පසුව මරණ දඩුවම හිමිවු රාත්‍රීයේම අගමැතිවරයා හමුවිමට අවස්ථාව ලබාදි තිබුන බව අප එදිනම වාර්තා කළා.(අදාළ පුවත් පහතින් කියවන්න….)

මේ අතර දුමින්ද සිල්වාට ඇපෑලක් ඉදිරිපත් කිරිමට අවස්ථාව උදාවු බෙදුම් තින්දුව ලබාදුන් ශිරාන් ගුණරත්න මහතාට එරෙහිව ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි කිහිපයක් ගෙනගිය මඩ ප්‍රචාරය පිළිබඳවවද රනිල් පාර්ශවයෙන් මෙන්ම මෛත්‍රී පාර්ශ්වයෙන්ද පසුව අදාළ මඩ ගැසිම කල මාධ්‍යවේදීන් හා වෙබ් මඩමලු කාරයන්ට දුරකතන ඔස්සේ බලෑපම් කර තිබේ.

ශිරාන් ගුණරත්න මහතා රාජපක්ෂවාදියකු මෙන්ම මුදලට යට වී තීන්දු ප්‍රකාශයට පත් කර ඇති බවට චෝදනා කරමිනි. එමෙන්ම ඔහුගේ වත්කම්, බැංකු ගිණුම් ආදිය පරීක්ෂා කළ යුතු බවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවටද තින්දුව දිමත් සමගම එජාප හා සිරිසේන මඩ බලකාය ඔහු ඉලක්ක කර පහර දෙන්නට විය.

නමුත්  ශිරාන් ගුණරත්න මහතා මේ මොහොතේ දී රාජපක්ෂවාදියකු ලෙස හැඳින්වීමට ඇතැමකු ඉක්මන් වී තිබුණ ද රාජපක්ෂ සමයේ දී ඔවුන්ගෙන් එල්ල වූ බලපෑම හමුවේ මෙරට අධිකරණ සේවය ගැන කලකිරී සිය පවුල පිටින්ම ඇමෙරිකාවේ පදිංචිය සඳහා ඔහු පිටත්ව ගිය අයෙකු බව එම මඩ ප්‍රහාර හමුවේ සිරිසේනට මෙන්ම රනිල්ටද යහපාලන නීතිඥයන් පෙන්වා දි තිබේ.

දුමින්දට දුන්න දඩුවම ගැන හිතන්න එපා ….ඔක ටික දවසයි ..රනිල්,රෙනෝට කියයි

හිරූ නිකර්,සිරිසේනට ස්වයං වින්දනය දුන් දුමින්දගේ ආතල් මරණ දඩුවම!

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment