උපාලි තෙන්නකෝනට පහරදුන් සැකකරු යළි රිමාන්ඩ්

උපාලි තෙන්නකෝනට පහරදුන් සැකකරු යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරිවරයා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම විය.

ඒ, ඊයේ (23) ඔහු ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිදුවීම සිදුවූ 2009 වසරේ ජනවාරි 23 වනදා මෙම සැකකරු රැදී සිටි ප්‍රදේශය පිළිබදව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මහේස්ත්‍රාත් නියෝග මත කටයුතු කර නොමැති බව පැවසූ මහේස්ත්‍රාත්වරිය අධිකරණ නියෝග පිටපත් රැගෙන ගොස් විමර්ශන සිදුකර කරුණු වාර්තා කරන ලෙස ඔවුන්ට දන්වා සිටියාය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment