'පැහැදිලි ප්‍රතිපත්ති තුළින් ලෝකය ජයගත හැකියි' - ජනපති (VIDEO)

'පැහැදිලි ප්‍රතිපත්ති තුළින් ලෝකය ජයගත හැකියි' - ජනපති (VIDEO)

විදේශ පිළිවෙතේහි සාර්ථකත්වය තුළින් රටේ අනාගතය සුබවාදී කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (23) නිව්යෝක් නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සමුළුව තුළ ලොව සියලු රාජ්‍ය නායකයින් ශ්‍රී ලංකා රජයේ වර්තමාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉතා ඉහළ ප්‍රතිචාර දැක්වූ බවයි.

පැහැදිලි ප්‍රතිපත්තියක් මත කටයුතු කරයි නම්, ලෝකය ජය ගැනීම ගැටළුවක් නොවන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියාසිටියේ මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාවේ දූත පිරිසකට විශාල පිළිගැනීමක් ලැබුණු බවයි.

ජගත් මහලේකම්වරයා සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන සිදුකළ ප්‍රකාශ විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා දැක්වූ අදහස් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් කරුණු විමසු අතර ඊට පිළිතුරු දුන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයා නිවැරදිව කරුණු නොදැන අදහස් පළ කරන බවයි.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment