අල්ලස් චොදනා තියේන ශ්‍රීලංකා ජනපති හමුවෙන්න බෑ….බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියගෙන් සිරිසේනට කනේ පහරක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහ මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන  තෙරේසා මේ (Theresa May) හමුවිමට ගත් සියලුම උත්සහයන් අසාර්ථක වු බව එහි සිටින අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.සිරිසේන නඩයේ ඇම්බැට්ටයන් දිගින් දිගටම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය හමුවිමට සහ ඇය සමග සාකච්ඡා කිරිමට අවස්ථාවක් ලබාදෙන ලෙසට බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇති අතර එම ඉල්ලිම් සියල්ලම ප්‍රතික්ෂප කිරිමට බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයෝ කටයුතු කර තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් සිරිසේන ඇම්බැට්ටයන් බැගෑපත්වු අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයෝ පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය හරහා එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරමින් තිබේන් නිසා ඇය ජනාධිපතිවරයා හමුවිම ප්‍රතිකේෂ්ප කරන බවයි.

ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ඔස්ටේ‍්‍රලියානු ගුවන් විදුලිය විශේෂ වාර්තාවක් විකාශය කල අතර එම වාර්තාවට අනුව http://www.abc.net.au/ හරහා ඩොලර් මිලියන ගණනක් වටින( multi-million dollar) කොන්ත්‍රාත්තුවක් හරහා ශ්‍රි ලංකාවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බරපතල මුල්‍ය වංචාවක් කර ඇති බවට තවත් තොරතුරු අනාවරණය කල අතර ලංකාවේ ජනාධිපතිවරයෙකුට තබා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුටවත් විදේශීය පොලීසියක් විසින් අල්ලස් ගැනීම පිලිබඳ විමර්ශනයක් පැවැත්වී තිබුනේ නෑ.

ඇමරිකානුකාරයන් සිරිසේන ජනාධිපතිවරයා නටවන නැටවිල්ල සම්බන්ධයෙන් අප පසුගියදා Facebook හරහා ප්‍රසිද්ධ කල විඩියෝව හරහා සිරිසේන යනු කවර අකාරයේ වන්දි බට්ටයෙකුද යන්න රට හමුවේ පමණක් නොව ලෝකයම හමුවේ අනාවරණය වි හමරාය….

මෙන්න රහස්..මහත්තයෝ….සිරිසේන ගහපු multi-million dollar ගැහිල්ල

සීරා හොරා බව ඔස්ටේ‍්‍රලියානු ගුවන් විදුලියත් කියයි

ග්‍රාමසේවක සිරිසේන ගහපු ගැහිල්ලෙ මුලසිට අගටම



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment