මීයන්ට යට ඇඳුම් අන්දවා ලිංගික පරීක්ෂණ සිදුකළ විද්‍යාඥයාට නොබෙල් තෑග්ග


මෙම වසරේ අයීජී නොබෙල් ත්‍යාග ප‍්‍රදානයේදී ඊජිප්තු ජාතික විශේෂඥ වෛද්‍ය අහමඞ් ෂෆීක්ට සම්මානයක් හිමව තිබේ.

එම සම්මානයට මුල්වී ඇත්තේ ඇසූවන්ට හාස්‍යය උපදවන පරීක්ෂණයකි.


ඔහු සිදු කර තිබෙන්නේ මීයන්ට විවිධ වර්ගයෙන් නිෂ්පාදිත ඇඳුම් අන්දවා පසුව උන්ට ලිංගික උත්තේජන ඇතිවීම හා අඳින ලද ඇඳුම අතර සම්බන්ධයක් තිබෙද යන්න පරීක්ෂාවට ලක්කිරීමයි. මෙහිදී ලද ප‍්‍රතිඵල අනුව පොලියෙස්ටර් යට ඇඳුම් අවම වශයෙන්ද පොලියෙස්ටර් කපු මිශ්‍ර ඇඳුම් මධ්‍යම වශයෙන්ද සම්පූර්ණ කපු ඇඳුම් උපරිම වශයෙන්ද ලිංගික උත්තේජනයන් කෙරෙහි බලපාන බව තහවුරුවී ඇත.
එම තත්වය මිනිසුන්ටද අදාළ වන බව වෛද්‍යවරයාගේ නිගමනයයි.
අයිජී නොබෙල් සම්මානයන් සෑම වසරකම පිරිනමන්නේ මිනිසුන්ට සිනහගන්වන නමුත් පසුව සිතන්නට යමක් එක්කරන පරියේෂණ සිදු කරන විද්‍යාඥයින් දිරිගැන්වීමටයි.
පසුගියදා ඇමරිකාවේ හාවර්ඞ් සරසවියේදී මෙම සම්මානය පිරිනැමුණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment