අනවසරයෙන් වැලි ගොඩදැමූ 6ක් අත්අඩංගුවට

මහවැලි ගඟේ සේරුනුවර, නිලපොල, මඩල්තෙට්ටි යන  ප්‍රදේශයන්හිදී නීති විරෝධී ලෙස වැලි ගොඩදැමූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ කන්තලේ කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එහිදී ඔවුන් සතුව තිබූ ට්‍රැක්ටර් රථ 06ක්, වැලි පිරවූ ටේලර් 06ක් සහ තවත් උපකරණ කිහිපයක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සේරුනුවර පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment