'ආණ්ඩුව සෑම අතින්ම ආසාර්ථකයි '- දිලුම් අමුණුගම

'ආණ්ඩුව සෑම අතින්ම ආසාර්ථකයි '- දිලුම් අමුණුගම

වත්මන් ආණ්ඩුව සෑම කාර්යයකින්ම අසාර්ථක වී ඇති බව දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ ආර්ථිකය පමණක් නොව අනෙකුත් කාර්යයන් වලින්ද ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි.

මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර වත්මන් ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මහතාද පවසයි.

ජාතික සම්පත් විකිණීම මගින් රටේ ආදායම් තත්වය සම්පූර්ණ කරගැනීමේ අසාර්ථක උත්සාහයක  වත්මන් ආණ්ඩුව නියැලෙමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment