සංවර්ධන ව්‍යාපෘති සඳහා විකල්ප ඉඩම් අර්බුධයක්

සංවර්ධන ව්‍යාපෘති සඳහා විකල්ප ඉඩම් අර්බුධයක්

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට යොදාගන්නා ඉඩම් සඳහා විකල්ප ඉඩම් හඳුනාගැනීමේ අර්බුධයක් පැනනැගී ඇති බව ඉඩම් අමාත්‍යංශයේ ලේකම් අයි.එච්.කේ. මහානාම මහතා ප්‍රකාශ කරයි.

බස්නාහිර පළාත ඇතුළු අර්ධ නාගරික ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි බවත් ඉඩම් වෙනුවට මුදල් ලබාගැනීමට මහජනතාව මැලිකමක් දක්වන බවත් ඔහු ඒ සම්බන්ධව අදහස් දක්වමින් කියාසිටියේය.

මේ අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා දැනට භාවිතා කරන ඉඩම් කට්ටි ලක්ෂ 25කට පමණ කොන්දේසි ලිහිල් කොට සින්නක්කර ඔප්පු ලබාදීමට ඇති බවද ඔහු පැවසීය.

පසු උරුමය පවුලේ සාමාජිකයින්ට හිමිවන ආකාරයට ඇතුළත් කොන්දේසිය වැනි අනවශ්‍ය කොන්දේසි ඉඩම් හිමියන්ට වාසිවන පරිදි ඉවත් කිරීම සඳහා රජයේ ආයතන සමඟ සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයිද ලේකම්වරයා පවසා සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment