නව බලාගාර ඉදිකිරීම කඩිනමින් කළ යුතුයි

නව බලාගාර ඉදිකිරීම කඩිනමින් කළ යුතුයි

2018 වසර වනවිට මෙරට විදුලි අර්බුදයට මුහුණදීම සඳහා සැලසුම් කළ නව බලාගාර කඩිනමින් ඉදිකළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ 2018 වසරේ ඇති වන විදුලිබල අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා එම නව විදුලි බලාගාර කඩිනමින් ඉදිකළ යුතු බවයි.

එම නිසා 2017 සිට 2020 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත නව විදුලිබලාගාර ඉදිකිරීමේ සැලසුම් තමන් වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබේ.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ 2017 සිට 2020 දක්වා කාලය තුළ ඉදිකිරීමට සැලසුම් කර ඇති විදුලි බලාගාර කඩිනමික් ඉදිකිරීම තුළින් විදුලිබල අර්බුදයක් ඇතිවීම වළක්වා ගත හැකි බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සැලසුම් අනුව මෙගාවොට් 270ක ධාරිතාවයෙන් යුතු බලාගාර 02ක්, ස්වභාවික වායු බලාගාරයක්, ජල විදුලි බලාගාර 03ක් ඇතුළු මෙගාවොට් 1230ක ධාරිතාවකින් යුත් බලාගාර ගණනාවක් ඉදිකිරීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment