යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා වැනසීමේ මෙහෙයුමක්! අවජාතක යහපාලනය බුද්ධි අංශ පාවාදෙයි

මුළු රටම කෝප් අර්බුදය සහ බැඳුම්කර මගඩිය දෙස බලා සිටියදී 2008 සහ 2009 වසරවල යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රේජිමේන්තු මධ්‍යස්ථනයේ රාකාරි කළ දැනටත් සේවය යෙදී සිටින සහ විශ්‍රාම ගොස් සිටින උසස් නිලධාරින් සහ සෙසු නිලයන්ට අයත් සියලුම බුද්ධි අංශ රණවිරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට සීඅයිඩීය පියවර ගෙන තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයට මුවා වී බුද්ධි නිලධාරින් තුන්සියයක් පමණ මෙසේ ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති අතර ඒ සියලුම දෙනා එල්ටීටීයට එරෙහි විජයග්‍රාහී සටනේදී රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා සුවිශේෂී මෙහෙවරක යෙදුණු විරුවන් බව ආරක්‍ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.අදාළ කැඳවීම පිළිබඳ යුද හමුදා මූලස්ථානයට ලිඛිතව දැනුම් දීමටද රහස් පොලිසිය කටයුතු කර ඇත.

නිශ්චිත දින නියම කරමින් ලබන නොවැම්බර් මස දෙවන සතිය දක්වා වූ කාලය තුළ කණ්ඩායම් වශයෙන් එකී බුද්ධි නිලධාරින් තුන්සිය දෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකය වෙත කැඳවා මෙසේ ප්‍රශ්න කිරීමට නියමිතය. ඒ අනුව බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් දිනක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකය හමුවට ගොස් ඇති අතර එහිදී ඔවුන්ගෙන් පෞද්ගලික ජීවිතයේ තොරතුරු – රාජකාරියේදී භාවිත කළ අන්වර්ත නාමයන් – බැංකු ගිනුම් විස්තර – සමාජ ජාලවල සිටින ආකාරය සහ අඹුදරුවන්ගේ තොරතුරු ආදී ලෙසින් විවිධ දේ විමසූ සීඅයිඩීය අවසානයේ රටේ නමගිය අපරාධකරුවන්ගේ (අයිආර්සීකාරයන්ගේ) ඇඟිලි සලකුණු සටහන් ලබා ගන්නා පෝරම තොගයක් ගෙන එකී බුද්ධි නිලධාරින්ගේ ඇඟලි සලකුණු සටහන් ලබා ගැනීමටද කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානයේ නිලධාරියෙක් පැවසීය.

එහිදී එකී බුද්ධි නිලධාරීන් පිරිස දැඩි අසීරුවකට පත්ව ඇතැයිද කී එම නිලධාරියා රහස් පොලිසිය අද සිදු කරමින් සිටිනුයේ ඉකුත් 2002 වසරේ සිදු වූ මිලේනියම් සිටි මහා පාවා දීමටත් එහා ගිය නින්දිත පාවා දීමක් බවද පෙන්වා දුන්නේය.

මෙසේ එක් ඝාතන විමර්ශනයකට මුවා වී යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් තුන්සියයක පමණ පිරිසක් හදිසියේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට සීඅයිඩීය කටයුතු කිරීමත් සමඟ මේ වන විට යුද හමුදාව තුළද දැඩි කැළඹීමක් ඇතිවී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන ඇතැම් හමුදා නිලධාරීන් පවසන්නේ ඉකුත් යුද සමයේ රට වෙනුවෙන් ඉතාම රහසිගත ලෙස මෙහෙයුම් සිදු කළාවූ බුද්ධි නිලධාරින් මෙසේ රහස් පොලිසියේ අත්තනෝමතික ප්‍රශ්න කරීම්වලට ලක් වීමෙන් ඔවුන්ගේ අනන්‍යතාවය ලෝකයට හෙළි වී එම නිලධාරීන්ගේ ජීවිතවලට පවා තර්ජන එල්ල විය හැකි බවකි.

වර්තමානයේ රට තුළ සිදුවන ඇතැම් සිද්ධීන් දෙස බැලීමේදී මෙසේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරින් කලකිරීමට ලක්වන ආකාරයේ කටයුතු සිදු වීමෙන් එය ජාතික ආරක්‍ෂාවට එල්ල කෙරෙන මරු පහරක් විය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

එසේම සීඅයිඩීය යහපාලනයත් සමග ආරම්භ කළ විමර්ශන තුළින් යුද හමුදා බුද්ධි බළකායේ සිටිනුයේ මිනීමරුවන් යැයි සමාජයට ඒත්තු ගැන්වීමට ඉකුත් කාලයේ ඉතා පහත් උත්සහයක් ගනු ලැබූ අතර එම තත්ත්වය හමුවේ එල්ටීටීඊයට එරෙහි සටනේදී උපන් බිම වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කොට මේ වන විට යුද හමුදාවෙන් විශ්‍රම ලබා තමන් පදිංචි ප්‍රදේශවල පවා රහසේ ජීවත් වන විශ්‍රාමික බුද්ධි නිලධාරීන්ගේද තොරතුර අනාවරණය වීමෙන් ඔවුන්ට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද එම හමුදා නිලධාරීහු සඳහන් කරති.

එම තත්ත්වය තුළ සීඅයිඩීයේ නිසා යම් සමාජ අපවාදයකට මුහුණ දීමට එකී විශ්‍රාමික බුද්ධි නිලධාරින්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට සිදු වුවහොත් අවසානයේ ඔවුනට සිදු වන්නේ රට වෙනුවෙන් වැඩකොට සිය දිවි නසා ගැනීමට බවද ඔවුහු වැඩි දුරටත් සඳහන් කරති.



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment