මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

තම වැටුප රුපියල් 14,000ක් දක්වා වැඩි කරන ලෙස රජයට බලකරමින් ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළේය. 

ඒ හේතුවෙන් මේ වනවිට දිවයින පුරා ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 687ක කටයුතු සිදුවන්නේ මුරකරුවෙකුගේ මැදිහත්වීමකින් තොරවය.

සමස්ත ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු නිමල් චන්ද්‍රසිරි මහතා පැවසුවේ රජය එකඟ වූ රුපියල් 5,000ක වැටුප් නොදීම මෙම වැඩවර්ජනයට හේතුව බවයි.

වර්ජනය හේතුවෙන් වඩාත් පරීක්ෂාකාරී ලෙස දුම්රිය ධාවනය කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ට සහ නියාමකවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ දුම්රිය සාමාන්‍යධිකාරීවරයාගේ උපදෙස් මත අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් වෙනුවට විකල්ප ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරන බවයි.

ඉවත්ව යන දුම්රිය ගේට්ටුකරුවන් වෙනුවට විකල්ප සේවකයන් යෙදවීමටත් කටයුතු සංවිධානය කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

කෙසේ වෙතත් අද උදෑසන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් සිදුව තිබේ.

ඒ, ගාල්ලෙන් අලූයම 4.15 ට කොළඹ බලා ගමන් ආරම්භ කරන දුම්රියක ඇති වූ දෝෂයක් හේතුවෙනි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සෙසු දුම්රියන් ද ප‍්‍රමාද විය හැකි බවයි.

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment