අධිවේගී මාර්ගයේ මෝටර් රථය ගිනිගනිද්දී ජීවිත බේරාගත් ජපන් ජාතිකයා ගිනි නිවන භටයෙක්


අධිවේගී මාර්ගයේ මෝටර් රථය ගිනිගනිද්දී
ජීවිත බේරාගත් ජපන් ජාතිකයා ගිනි නිවන භටයෙක්

පෙරේදා 29 දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබුණ වාහනයක ඇතිවූ දෝෂයක් නිසා එම වාහනය මුළුමණීන්ම ගිනිගෙන විනාශ වුණා.
මෙම වාහනය අධිවේගී මාර්ගයේ වැලිපැන්න නවුත්තුඩුව ප්‍රදේශයේ
කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ඇන්ජිම දෙසින් දුම් දමමින් ගිනි ගන්නා ලක්ෂණ

පහළ කළ අවස්ථාවේ වාහනය නවතා දැමූ පසුව එහි සිටි ජපන් ජාතිකයා සිය අලුත බැන්ද මනාලිය සහ රියදුරුව වහාම එයින් ඉවත ගෙන ඇත්තේ ගින්න පැතිරෙන ආකාරය ගැන ඉව වැටීමෙනි.
පසුව ගින්න නිසා මෙම වාහනය මුළුමණින්ම විනාශ වූ බවද පැවසුණා.

ඔවුන්ගේ දිවි ගැලවුනේ අවස්ථානෝචිතව ක්‍රියා කළ ජපන් ජාතිකයා නිසා බවද රියදුරු දන්වා ඇත. වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වන්නේ මෙම ජපන් ජාතිකයා වෘත්තියෙන් ගිනි නිවන හමුදාවේ භටයෙකු ලෙස ජපානයේ සේවය කරන්නෙකු බවයි. ඔහු අලුත බැන්ද ජපන් මනාලිය කැටුව මධුසමය ගතකිරීමට ලංකාවේ සංචාරයක් තෝරාගෙන ඇති අතර

එම සංචාරය නිමවා දක්ෂිණ අධිවේග මාර්ගය ඔස්සේ රියදුරෙකු සමග කුලියට ගත් මෝටර් රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
ගිනිගත් මෝටර් රථයේ ශේෂ වූ කොටස් මේ වනවිට වැලිපැන්න පොලිසියේ ගාල් කර ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment