රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට 

රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට 

හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මුල්‍ය අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

ඒ අනුව ඔහු පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂට අයිති නැතැයි කියූ මල්වානේ ඉඩම වෙන්දේසි කිරීමට අධිකරණය නියෝග කිරීමෙන් පසු ඒ ගැන සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව බැසිල් රාජපක්ෂගේ ඥාති සහෝදරියක වන නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද කැඳවා තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එසේ කැඳවා ඇත.

මෙම ඉඩම බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරියක වන නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් මහතා විසින්  මිලදීගත් බවට ඉඩම විකිණූ පාර්ශවය විසින් පවසා ඇතැයි වාර්තාවේ.

ඒ අනූව 2013 පෙබරවාරි මාසයේදී එම ඉඩමේ නිවසක් ඉදිකිරීම ආරම්භ වන අතර එය සුවිසල් නිවසක් ලෙස ඉදිකර ඇත. එහි වාස්තු විද්‍යාත්මක කටයුතු සිදු කර ඇත්තේ මුදිත ජයකොඩි නැමැත්තෙකු විසින් බව පැවසේ.

කෙසේ වුවද 2015 ජනවාරි 08 පැවති මැතිවරණයෙන් පැවති රජය පරාජයවීමත් සමඟ තිරුකුමාර් නඩේසන් විසින් මෙම නිවස සහිත ඉඩම මුදිත ජයකොඩි වෙත පවරා ඇති බව ද වාර්තා වේ.

එහෙත් නිවසේ අයිතිය මුදිත ජයකොඩි විසින් ප්‍රතික්ෂේප කිරීමත්, ඊට අයිතිකරුවෙකු ඉදිරිපත් නොවීමත් හේතුවෙන් එය වෙන්දේසි කර ලැබෙන මුදල් එම නඩු‍ව වෙනුවෙන් යෙදීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment