අද සිට දිවයින පුරා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද සිට දිවයින පුරා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (17) දින සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි විදුලිය අත්හිටුවීමක් සිදු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පෙරවරු 08.00 සිට 06.00 දක්වා අතර පැය දෙක හමාරක කාලයක් ද,  රාත්‍රී  06.00 සිට 10.00 දක්වා අතර පැයක කාලයක් ද විදුලි බලය අත්හිටුවන බවයි.

දිවයින කලාප 04කට බෙදා විදුලිය අත්හිටුවිම සිදු කරන බවත් කොළඹ නාගරික සීමාවේ සහ දිවයිනේ ප්‍රධාන රෝහල්වල විදුලිය අත්හිටුවීම සිදු නොකරන බවත් එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අක්‍රීයවීම හේතුවෙන් පසුගිය සෙනසුරාදා උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය බිඳ වැටුණි. 

විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (16) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 05ක් පමණ යන බවයි.

මේ හේතුව නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක ධාරිතාවක් අහිමි වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment