ඇමති දිගම්බරම් ඉල්ලා අස්වෙයි?

ඇමති දිගම්බරම් ඉල්ලා අස්වෙයි?

පසුගිය මැතිවරණ සමයේ වෘත්තීය සමිති නායකයින් වතුකම්කරුවන්ට ලබාදුන් පොරොන්දු මේ වන විට ඉටුකිරීමට අපොහොසත් වී ඇති බවත් වතුකම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුප ලබාදීමට තම අමාත්‍ය ධුරය ගැටළුවක් නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් කඳුරට නව ගම්මාන හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී.දිගම්බරම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) හැටන්, හැනේපෝඩයිස් වත්තේ පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මැතිවරණ සමයේ වෘත්තීය සමිති නායකයින් වතුකම්කරුවන්ට පොරොන්දු වූ දේවල් ඉටු නොකර සිටින අවස්ථාවක වත්මන් රජය යටතේ තමන් පොරොන්දු වූ දේවල් මේ වනවිට ඉටු කරමින් සිටින බවයි.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment