ශ්‍රී ලංකාව තාක්ෂණික මූලස්ථානයක් කීරීමේ සැලසුම ජනපති බිම්ස්ටෙක් සමුළුවේදී කියයි

ශ්‍රී ලංකාව තාක්ෂණික මූලස්ථානයක් කීරීමේ සැලසුම ජනපති බිම්ස්ටෙක් සමුළුවේදී කියයි

බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික සහ සහයෝගීතා සංවිධානය හෙවත් බිම්ස්ටෙක් කලාපය තුළ වෙළෙඳාම ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා තාක්ෂණික දැනුම බෙදා හදා ගැනීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා තාක්ෂණික සහයෝගීතා මූලස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත් කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් ආයතනයක් ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඊයේ (16) ඉන්දියාවේ ගෝවා නගරයේ දී ආරම්භ කෙරුණු බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේය.

බි‍්‍රක්ස් සමුළුවට සමගාමීව පැවති මෙම සමුළුවට ශී‍්‍ර ලංකාව, තායිලන්තය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, බංගලාදේශය යන බිම්ස්ටෙක් කලාපයට අයත් රටවල රාජ්‍ය නායකයින් එක්ව සිටි අතර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් සහභාගී වූ සියලු රාජ්‍ය නායකයින් පිළිගනු ලැබීය.

එහිදී විශේෂ දේශනයක් සිදු කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ බිම්ස්ටෙක් රටවල් සමූහයේ සංවර්ධන සක්‍යතා වර්ධනය කර ගැනීමට මෙවැනි සහයෝගීතා සමුළු ඉතා වැදගත් බවයි.

සාර්ක් සහ ආසියානු කලාපය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් ප‍්‍රවර්ධනය කර ගැනීමට මෙම සමුළුව තුළින් හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කලාපය තුළ මානව ආරක්ෂාව ඉතා වැදගත් බවත් සියලුම ආකාරයේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා මැඩලීමට කලාපය එක්විය යුතු බවත් කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ අරමුණ දැනුම පාදක කරගත් තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විට ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක කරමින් පවතින බව ද කියා සිටියේය.

සමුළුවට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයින්ගෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත විශේෂ පිළිගැනීමක් හිමි වූ අතර එම සියලු නායකයින් පෞද්ගලිකවම ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් පළ කිරීම ද විශේෂත්වයකි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment