ලසන්ත වික්‍රමතුංගට, වික්ටර් අයිවන්ට පොදු හතුරෙක් විය.. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකායි..- අභිරහස් වලෙන් නැගිටී..

අභාවප‍්‍රාප්ත මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා තම බිරිද සමග 1995 පෙබරවාරි මස 07 වෙනිදා රාත්‍රි 11ට පමණ රාජකාරි අවසන් කර නිවස බලා එමින් සිටියදී කැඩුණු වාහනයක් ඔවුන් යන මග හරස් කර තිබින.

ලසන්ත ඒ අවස්ථාවේ තම වාහනය නවතා ඔවුනට උදව්වක් උවමනාදැයි විමසීමට සූදානම් වෙද්දී මුහුණු ආවරණය කරගත් සිව් දෙනෙකු පැමිණ ලසන්තටත් බිරිඳටත් පහර දුන්හ.

එම පහරදීම් නිසා ලසන්ත බිම ඇද වැටුනු අතර පසුව රෝහල් ගත කෙරින. මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර වසර 21ක් ගෙවුණද මේ වන තෙක් කිසිවකු අත් අඩංගුවට ගෙන නැත.

එම වසරේදීම එවකට හිටපු චන්ද්‍රිකා ජනාධිපතිවරිය විසින් ලසන්ත වික්‍රමතුංගට එරෙහිව අපහාස නඩුවක් පවරන ලදී. 1998 ජූනි මස 17 වැනිදා රාත්‍රි 11ට පමණ ලසන්තගේ නිවසට වෙඩි තැබීමක් සිදුවු අතර නිවසේ ජනෙල් කුඩු වූ නමුත් ජීවිත හානියක් වූයේ නැත. එහිදී වෙඩිතබා තිබුණේ ටී 56 ගිනි අවියකිනි.

චන්ද්‍රිකා දැමු නඩුවේ තීන්දුව ඉන්ද වසර දෙකකට පසු ප්‍රකාශයට පත්වූයේ ලසන්ත වසර දෙකක හිරදඩුවමකට යටත් කොට එය වසර 5 කට අත්හිටුවීමිනි. ඒ අනුව ලසන්ත හිරේ නොගොස් බේරුණේ අනු නවයෙනි.

මෙම තොරතුරු උපාට ගනු ලැබුවේ ඉරිදා දිවයින පුවත්පතේ ‘වලෙන් ගොඩඑන ලසන්ත ඝාතන අභිරහස 4’ යටතේ මේ ඉරිදා පලවන කොටසිනි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment