පොලියට මුදල් ලබා ගෙන තම පෙම්වතාට විදේශ රැකියාවකට යෑමට මුදල් ලබාදුන් කාන්තාවක් ඇය ලබාගත් මුදලට අදාළ පොලිය ගෙවීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අදාළ ගණිකා නිවාසයේ
කළමනාකරුද සමඟ ගාල්ල මකුළුව ප්‍රදේශයේදී ඊයේ (16දා) පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල, මකුළුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ ගාල්ල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය ගණිකා වෘත්තියේ යෙදුණු බැව් කියන විසිහත් හැවිරිදි මෙම කාන්තාව සහ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය බැව් කියන පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මේ නිසා පෙම්වතා විදේශගත වීමට ලබාදුන් මුදලට අදාළ පොලිය ගෙවීමට ගාල්ලට පැමිණි කාන්තාව මකුළුව ප්‍රදේශයේ නිවාසයක ගණිකා වෘත්තියේ යෙදී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට පත්වන දිනයේ පමණක් මේ කාන්තාව වෙත ගනුදෙනුකරුවන් හත් දෙනකු පැමිණ ඇති අතර එක් ගනුදෙනුකරුවකුගෙන් කාන්තාවට රුපියල් දහසක්ද ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයාට රුපියල් එක්දහස් පන්සීයක්ද බැගින් රුපියල් දෙදහස් පන්සීයක් අයකරනු ලැබ ඇති බව පොලිසිය කියයි.
ගාල්ල - කේ.ඒ.එස්. කුමාර, ලලිත් රුහුණගේ
http://superpay.me/members/withdraw/list.php?refid=529194
ReplyDelete