නිදහස් පක්ෂය දෙවැනි වතාවටත් අයවැයට යෝජනා දෙයි

නිදහස් පක්ෂය දෙවැනි වතාවටත් අයවැයට යෝජනා දෙයි

2017 වසර සඳහා අයවැය සකස් කිරීමට අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් සහ යෝජනා ලබාදීමේ දෙවන අදියර ඊයේ (04) මුදල් අමාත්‍යාංශයේ පැවැත්විණි. 

ඒ සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ඒ.එච්.එම්. ෆවුසි, ෆයිසර් මුස්තාෆා, ලක්ෂ්මන් සෙනෙවිරත්න හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ද එම අවස්ථාවට පැමිණ සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පසුගිය මස 25 වනදා ද අයවැය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී හුවමාරු වූ කරුණු පිළිබඳව ඊයේ පැවැති සාකච්ඡාවේදී දීර්ඝ ලෙස කතාබහට ලක්වී තිබේ.

එම සාකච්ඡාවල ප්‍රතිඵලය සහ එහි අන්තර්ගතය, අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට ලබාදීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන් අනතුරුව ඉදිරි වර්ෂය සඳහා අයවැය සකස් කිරීමේ කටයුතු සිදුකෙරෙනු ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment