මහා ගාන්ධර්වයාණෝ අද නික්ම යති

මහා ගාන්ධර්වයාණෝ අද නික්ම යති

ජාතියේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදුකෙරේ.

ඔහුගේ දේහයට ගෞරව දැක්වීම සඳහා කොළඹ - නිදහස් චතුරස‍්‍රයට මේ වනවිටත් අති විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය ඊයේ (04) කොළඹ නිදහස් චතුරස‍්‍රයට රැගෙන එනු ලැබුවේ කලාකරුවන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ පෙරහරකිනි.

ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්වූයේ දේහයට පුෂ්පෝපහාර දක්වමිනි.

ඒ මහතාගේ දේහය නිදහස් චතුරස‍්‍රයේ තැන්පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ද උරදීම විශේෂත්වයකි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ අමරදේවයන්ගේ දේහය අද (05) පස්වරු 3.00 වනතුරු නිදහස් චතුරස‍්‍රයේ මහජන ගෞරවය සදහා තැන්පත් කර තැබෙන බවත් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු ඉන් අනතුරුව ආරම්භ කරන බවත්ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment