ලංකා ඊ නිවුස්ට එරෙහිව නඩු


ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුට හා අධිකරණ ආයතනවලට අපහාස වන අන්දමේ
ප්‍රවෘත්තිමය සිද්ධීන් 14ක් පළ

කිරීමෙන් අධිකරණයට අපහාස වී ඇතැයි කියමින් ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කරන්නැයි ඉල්ලා නීතීඥවරයකු හා කෝට්ටේ හිටපු උප නගරාධිපති මධුර විතානගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට අද (23) පැමිණිලි14 ක් බාර දුන්නේය.
ප්‍රවෘත්ති මාලාවක් වශයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් සිදු කරන මේ ක්‍රියාව පිළිබද සොයා බලා සුදුසු දඩුවම් ලබා දෙන ලෙසට මධුර විතානගේ මහතා කළ පැමිණිල්ලේ සදහන් වේ.
මින් ඉහත අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මෙම කාරණාව ගැන ඉඟි කර තිබුණි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment