හමුදාව ඉන්නේ දැඩි කලකිරීමෙන්.. කුමන්ත‍්‍රණ කිරීමට කිසිදු උවමනාවක් නෑ..- නාවික හමුදාපති

ජනතාවත් රජයත් ආරක්ෂා කිරීම හැර හමුදාවට කුමන්ත‍්‍රණ කිරීමට කිසිදු උවමනාවක් නැති බව කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කියා සිටියේය.

ඒ ආකාරයේ ප‍්‍රකාශයන් හමුදාව සම්බන්ධයෙන් සිදුකරන දේශපාලඥයින් ගැන හමුදාව දැඩි කලකිරීමෙන් සිටින බවද කී ඔහු හමුදාවේ චිත්ත ධෛර්ය කිසිදු අඩුවක් නැතැයිද පැවසීය.

ලෝකයේම ඉහළ පිළිගැනීමක් ඇති මෙරට හමුදාවට එවැනි චෝදනා කිරීම හොද දෙයක් නොවන බවත් විවිධ අරමුණු වෙනුවෙන් කරන්නා වූ ප‍්‍රකාශයන්වලට හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බව නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment