ඉදිරියේදී එක් දුම්වැටියක් මිලදී ගන්න බෑ

ඉදිරියේදී එක් දුම්වැටියක් මිලදී ගන්න බෑ

ඉදිරියේදී වෙළෙඳසැල්වල දුම්වැටිය බැගින් අලෙවිකිරීම නතර කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරියේදී වෙළඳසැල්වල දුම්වැටිය බැගින් අළෙවි කිරීම නතර කරන බවත් සුදුපැහැති දුම්වැටි අසුරණය කඩිනමින් හඳුන්වාදීමට පියවර ගන්නා බවත්ය.

මෙහිදි දුම්වැටි පාලනය කිරීම සඳහා වූ යෝජනා 10ක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා විසින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා වෙත භාරදීමට කටයුතු කර තිබේ.

මෙම සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම්, අභියාචනා සහ පශ්චාත් සීමා වාසික වෛද්‍ය පත්වීම් ලේඛන පිළිබඳ අවධානය යොමුකර ඇති අතර එම ලේඛන කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

මීට අමතරව වාර්ෂික ස්ථානමාරුවීම් මණ්ඩල පත්කිරීම, වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම පිළිබඳව ද සාකච්ඡා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ බදු අයකිරීමේ වැඩපිළිවෙලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදි විරෝධය පල කර තිබේ.

ඒ පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී දැනුම් දී ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment