වීරවංශගේ විකිපීඩියා පිටුවට අසභ්‍ය වචන අැතුල් කරලා (PHOTOS)

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන දේශපාලන චරිතය බවට පත්ව ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යි.

ඒ, ඔහුගේ නිවසේ තිබී තරුණ මළ සිරුරක් සොයාගැනීමත් සමග යි. ආන්දෝලනාත්මක එම සිදුවීමේ උණුසුම මැකී යන්නටත් පෙර විමල් වීරවංශ මහතා සම්බන්ධ තවත් පුවතක් වාර්තා වන්නේ අන්තර්ජාලයේ විකිපීඩියා වෙබ්අඩවියෙන්.

ඊයේ දින විමල් වීරවංශ මහතා පිළිබඳව වූ විකිපීඩියා පිටුව විකෘති කිරීමකට ලක් කොට තිබුණා. එහි තිබූ වීරවංශ මහතාගේ නමට ඉදිරියෙන් "තුම්මුල්ලේ විමලේ" යන නාමය සහ තවත් පහත් නම් සඳහන් කොට තිබුණා.

එමෙන්ම විමල් වීරවංශ යනු මෙරට පහත්ම දේශපාලනඥයා බවට යි එහි හඳුන්වා දී තිබුණේ. විකිපීඩියා යනු ලොව පුරා ඕනෑම කෙනෙකුට සිය දායකත්වය සැපයිය හැකි ප්‍රජා විශ්වකෝෂයක්වන බැවින් මෙවන් විකෘති කිරීම් බොහෝ විට වාර්තා වෙනවා.

කෙසේ වෙතත් පැය කිහිපයක් ඇතුළත විමල් වීරවංශ මහතාගේ විකිපීඩියා පිටුව යථාතත්ත්වයට පත් කොට තිබෙනු දක්නට ලැබුණා.

එය විකෘති කළ අවස්ථාවේ දර්ශනය වූ ආකාරය දැක්වෙන ඡායාරූපය පහතින්....



Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment