'ආවා' කල්ලියට කප්පම් දීම ප්‍රතික්ෂේප කළ ව්‍යාපාරයෙකුට ප්‍රහාරයක් (PHOTOS)

'ආවා' කල්ලියට කප්පම් දීම ප්‍රතික්ෂේප කළ ව්‍යාපාරයෙකුට ප්‍රහාරයක් (PHOTOS)

'ආවා ගෘෘප්' කල්ලියට කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කළ යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ඊයේ (31) රාත්‍රියේ තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදු කොට ඇතැයි යාපනය පොලීසිය කියයි.

කඩු සහ පිහියා රැගෙන යතුරු පැදි 02කින් පැමිණි පුද්ගලයින් 04දෙනෙකු අදාළ ව්‍යාපාරිකයාට පහරදී වෙළෙදසැලේහි තිබූ බඩුබාහිරාදිය විනාශ කිරීමට සූදානම් වීමත් සමගම එම ස්ථානයෙන් ජීප් රථයක් ගමන් කිරීම නිසා ඔවුන් පළාගිය බව වෙළෙදසැලේ සේවකයෙකු පොලීසියට පවසා ඇත.

සැකකරුවන් පලායන අවස්ථාවේදී ව්‍යාපාරිකයාව කඩුවකින් කපා පලා ගොස් ඇති බවද ඔවුන් පලා යන අතරතුර ව්‍යාපාරිකයාට 'හොදයි අපි බලාගන්නම්' යනුවෙන් පවසා පලාගොස් ඇති බවද පොලීසිය පැවසීය.

මේ අතර වන්නි ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ ආවා ගෲප් කල්ලිය මංකොල්ලකෑමේ නිරත කණ්ඩායමක් බවට පොලීසියත් ආරක්ෂක අංශත් හදුනාගෙන ඇති බවයි.

මෙම කල්ලියට බියවී දකුණේ ජනතාව උතුරු පළාතට පැමිණීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර නොගත යුතු බවද ඔහු කියා සිටියේය.

මෙම කල්ලියේ බලපෑම යාපනය, කිළිනොච්චිය හා මුලතිවු යන පළාත්වලට පමණක් සීමා වී ඇති බව කී ආරක්ෂක ප්‍රධානියා එම තත්ත්වය ඉතා ඉක්මනින්ම මැඩ පැවැත්වීමට ක්‍රියාකරන බවද පැවසීය.

යුද්ධයෙන් පසුව එළඹි සාම කාලයේදී උතුරු පළාතේ වවුනියාව හා මන්නාරම යන දිස්ත්‍රික්කයන් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන අන්දමට පාලනය කිරීමට හැකි වී ඇති බව ඔහු මෙහිදී අවධාරණය කොට කියා සිටියේය.

ඡායාරූප පහතින්.

දිනසේන රතුගමගේ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment