විවාහක කාන්තාවක සැමියා ඉදිරිපිට සමූහ දූෂණ සිද්ධියක් නිසා ඉන්දියාව ඇවිළේ


ඊයේ 31 සඳුදා ඉන්දියාවේ අම්බෝලිහි මුඩුක්කු ජනාවාස ප‍්‍රදේශයකදී 28 හැවිරිදි විවාහක කාන්තාවක සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමක් නිසා ආන්දෝලනයක් හටගෙන තිබේ.
මෙම කාන්තාව සිය

සැමියා සමග කුලියට නවාතැන් නිවසක් සොයමින් සිදු කළ ගමනකදී රැය බෝවී යළි පැමිණෙන අවස්ථාවක පිරිසකගේ ග්‍රහණයට නතුවී මෙම සමූහ දූෂණය සිදුව ඇත. සිය ස්වාමියාට පහරදී තල්ලූකර දැමූ පිරිස 8 දෙනෙකු පමණ එක්වී තමාව දූෂණය කළ බව කාන්තාව පවසා ඇත.
සිද්ධියෙන් පසුව ඇය පොලිසියට පැමිණ සිද්ධිය විස්තර කර තිබෙන අතර මේ වනවිට ස්ත‍්‍රී දූෂණයට සම්බන්ධවූ 8 න් 7 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවත් පළා ගොස් සිටින ඉතිරි කෙනා ලූහුබැඳීම අරඹා ඇති බවත් පොලිසිය දන්වා ඇත.
කාන්තා හිංසනය ගැන ඉන්දියාවේ පසුගිය කාලයේ යටපත්ව තිබූ කතාබහ මේ නිසා යළි ඉස්මතුවී ඇත.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment